ඓතිහාසික සීගිරිය පර්වත බලකොටුව රාත්‍රී කාලයේ සංචාරකයින් සඳහා විවෘත කරන බවට පළ වන වාර්තා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය පැවසුවේ සීගිරිය පර්වත බලකොටුව රාත්‍රී කාලයේ විවෘත කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.

සමාජ මාධ්‍යවල දැනට සංසරණය වන රාත්‍රී කාලයේ ආලෝකකරණය සහිත සීගිරියේ රූපයද ව්‍යාජ එකක් බවයි එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

source :- https://shorturl.at/YOEKg

No description available.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here