පුත්තලම මූලික රෝහල අයාලේ යන සුනඛයින්ගේ රජ දහනක් බවට පත්ව තිබීම හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන් මෙන්ම එහි කාර්ය මණ්ඩලය ද දැඩි අසීරුතාවකට පත්ව තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ, දෙදහසකට ආසන්න රෝගීන් සංඛ්‍යාවක් මෙහි නේවාසිකව ප්‍රතිකාර ලබන අතර, සායනික හා බාහිර රෝගි අංශය වෙත දිනකට 5000 කට ආසන්න රෝගීන් පිරිසක් පැමිණෙන බවයි.

ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ, රෝහල් පරිශ්‍රයේ සහ ඇතුළත සුනඛයින් 500 කට ආසන්න සංඛ්‍යාවක් තැනින් තැන දක්නට ලැබෙන අතර, රාත්‍රි කාලයේදී එම සත්වයින් වැඩි වශයෙන් රෝහල් භූමියට පැමිණෙන බවයි.

මෙලෙස පැමිණෙන අයාලේ යන සුනඛයින් පසු කාලීනව රෝහල් භූමිය තුළම පැටවුන් බිහිකිරීම හේතුවෙනුයි මෙම තත්ත්වය උග්‍ර සෞඛ්‍ය ගැටලු‍වක් බවට පත්ව ඇත්තේ.

සුනඛයින් රෝහල් පරිශ්‍රයට පැමිණිමට ප්‍රධාන හේතුව ලෙස රෝගීන් පෙන්වා දෙන්නේ රෝහල වටා ඉදිකර ඇති තාප්පය ස්ථාන කිහිපයකින්ම අබලන්වී මෙන්ම රෝහලේ පිටුපස කොටස ඝන කැලෑවකින් වැසී ගොස් තිබීමයි.

අප මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගැනීම සදහා පුත්තලම මූලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය තිළිණා වනිගසේකර සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද එය ව්‍යර්ථ වුණේ ඇය සාකච්ඡාවක නිරත වී සිටීම හේතුවෙන්.

source :- https://tinyurl.com/36627syz

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here