
මාර්ක් සකර්බර්ග්, මෙටා සමාගමේ සේවකයින් 3, 600ක් සේවයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් හිමිකාරීත්වය දරණ සමාගමක් වන මෙටා සමාගමේ අඩු කාර්ය සාධනයක් ඇති පිරිස් මෙලෙස ඉවත් කිරීමට සැලසුම් කර ඇති බවයි.
කෙසේ වෙතත් මෙලෙස සේවකයින් ඉවත් කිරීමෙන් පසු ඒ වෙනුවට නව පිරිස් බදවා ගැනිමටද මෙටා සමාගම සැලසුම් කර තිබෙනවා.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසය වන විට මෙටා සමාගමේ සේවකයින් 72,000 ක් පමණ සේවයේ යෙදී සිටි බවට වාර්තා වුණා.
source :- https://tinyurl.com/4b746yjp








