නව රජයේ බලශක්ති ප්‍රතිපත්තියට හා වැඩපිළිවෙලට අනුකූලව ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය හරහා රටට විශාල විදේශ විනිමයක් උපයා ගැනීමට කටයුතු කරන බව බලශක්ති අමාන්‍යය ඉංජිනේරු කුමර ජයකොඩි පවසනවා.

එමෙන්ම ඒ සදහා ලංකා IOC ආයතනය හා ලංකා ඛණිජ තෙල් සංස්ථාව සමග එක්ව කටයුතු කරන බවත්, ඒ සදහාම ඉන්දියානු හා ලාංකීය හවුල්කාරීත්වය සහිතව සාදා ඇති Trinco Petroleum Terminal Ltd ආයතනය හරහා ඒ කටයුතු ඉදිරියට ක්‍රියාත්මක කරන බවත්, අමාත්‍යවරයා සඳහන් කළා.

ඔහු මේ බව පවසා සිටියේ ත්‍රිකුණාමලය වරාය තෙල් ටැංකි පරිශ්‍රය ආශ්‍රිත නිරීක්ෂණ චාරිකාවක යෙදෙමින්.

අමාත්‍යවරයා එහිදී මෙසේද පැවසුවා,

”බ්‍රිතාන්‍යය යුගයේ සෑදුවත් මේ ටැංකි ඉතා හොද තත්ත්වයේ තිබෙනවා. අවශ්‍ය සුළු ප්‍රතිසංස්කරණ කටයුතු කරලා නල පද්ධනිය ඉදිකරලා නෞකාවලට තෙල් සපයන්නත් ගබඩා සංකීර්ණයක් හැටියට සංවර්ධනය කරලා ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයන් එක්ක එකතුවෙලා සමගාමීව සිදුකරන වරාය සංවර්ධනයන් හරහා ඒ ප්‍රතිඵල රටට ලබා දෙන්න කටයුතු කරනවා.”

source :- https://tinyurl.com/2cwdzvru

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here