
ජල පෝෂක ප්‍රදේශයට ඇදහැලෙන වර්ෂාවත් සමග මල්වතු ඔයේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා.
එම නිසා වෙන්ගලචෙඩ්ඩිකුලම්, මඩු, මුසලෙයි සහ නානාත්තන් යන දිස්ත්‍රික් ලේකම් කොට්ඨාසවල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිව ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
මේ අතර, බලපා ඇති වර්ෂාපතනය හමුවේ මෙරට ප්‍රධාන ජලාශ 73න් 49ක් ම වාන් මට්ටමට ලගා වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළා.

source :- https://tinyurl.com/bxcazk7v







