Sunday, April 26, 2026

දේශීය පුවත්

ප්‍රදේශ කිහිපයකට ගංවතුර තත්ත්වයක්

අධික වර්ෂාපතනය හේතුවෙන් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සඳහා සුළු ගංවතුර තත්ත්වයක් සම්බන්ධව අනතුරු ඇඟවීමේ නිවේදනයක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව අම්පාර දිස්ත්‍රික්කයේ මහ ඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට සහ මඩකලපුව දිස්ත්‍රික්කයේ එරාවුර්පත්තු හා කොරලෙයිපත්තු යන ප්‍රාදේශීය...

නාඳුනන මෘත ශරීර රටේ තැනින් තැනින් හමුවෙයි

මිල්ලනිය, හල්තොට ඇල ඉවුර ප්‍රදේශයේ දී ඊයේ (18) පස්වරුවේ නාඳුනන මෘත ශරීරයක් තිබී සොයා ගැනීමට සමත්ව තිබෙනවා. එහිදී මිල්ලනිය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත මෙම මෘත ශරීරය සොයා ගැනීමට සමත්ව ඇති අතර, මෘත ශරීරයේ ඉන ප්‍රදේශයෙන් ඉහළ කොටස පමණක් ඇති...

සතොස අලෙවිසැල් වැඩි කිරීමට සැළසුම්

රට පුරා පවතින සතොස අලෙවිසැල් සංඛ්‍යාව ඉදිරි වසර 03 ඇතුළත දහසක් දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වන බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා. අනුරාධපුර සතොස වෙළද සැල නවීකරණය කිරීමෙන් පසු නැවත විවෘත කිරීමේ අවස්ථාවට අද (18) එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ඒ...

සිසුන් 6ක් රෝහල් ගත කළ හෝටලය

අනාරක්ෂිත හෝටලයක ආහර ලබා ගැනීම සඳහා ගිය සිසුන් 06 දෙනෙකු අනතුරට ලක්වීමෙන් ගිනිගත්හේන ප්‍රාදේශීය රෝහලට අද (18) ඇතුළත් කර තිබෙනවා. අද උදෑසන මෙසේ අනතුරට ලක් වී ඇත්තේ අඹගමුව විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් හය දෙනකු බවයි පොලිසිය පවසන්නේ. බාහිර පන්තියකට...

ආරක්ෂක අංශ සහයෝගයෙන් වී ගබඩා පිළිසකර කරයි

වී සදහා කඩිනමින් සහතික මිලක් නියම කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න ප්‍රකාශ කළා. හම්බන්තොට - පන්නේගමුව ප්‍රදේශයේ සතොස වී ගබඩාව සහ මෝල ඊයේ නිරීක්ෂණය කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ. මේ අතර, වී ගබඩා...

ඖෂධවල නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීමට සැලසුම්

අඛණ්ඩ සැපයුමක් සදහා අවශ්‍ය ඖෂධවල නිෂ්පාදන ධාරිතාවය වර්ධනය කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, රාජ්‍ය ඖෂධ සංස්ථාවට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ රත්මලාන පිහිටි ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ වැඩසටහනකට ඊයේ එක්වෙමින්. සැපයුම්කරුවන් ලියාපදිංචි...

විදුලිබිල සංශෝධනය ඊයේ රාත්‍රියේ සිට

විදුලිබිල සමස්තයක් ලෙස 20%කින් පමණ අඩු කරන බවත් මහජන උපයෝගිතා කොමිසමේ නිර්දේශ පිළිගන්නා බවත් ඒ අනුව ජනවාරි 17වන දින රාත්‍රි 12.00 සිට විදුලිබිල අඩුකිරීම ක්‍රියාත්මක කරන බවත් රටේ සියලු විදුලි පාරභෝගිකයන්ටත් සතුටින් දැනුම් දෙන බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර...

ඔන්ලයින් ලෝන් ජාවාරමට තිත

සමාජ මාධ්‍ය සහ මාර්ගගත ක්‍රමවේද ඔස්සේ ණය ලබා දෙන ජාවාරම් රැසක් මේ වනවිට අන්තර් ජාලය මුල් කර ගනිමින් ක්‍රියාත්මක වනවා. බොහෝ පිරිසක් මෙම ක්ෂණික ණය අයදුම් කිරීමට යොමුව සිටින්නේ එම ක්‍රමවේද මගින් ණය ලබාගැනීමේදී අවශ්‍ය වන ලේඛන ඉතා අවම මට්ටමක...

දුම්රිය ගමන්වාර 15ක් අවලංගුයි

දුම්රිය රියදුරන්ගේ විභාගයක් හේතුවෙන් අද පෙරවරුවේත් කෙටි දුර ගමන්වාර 15 ක් පමණ අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. කෙසේ වෙතත්, ප්‍රධාන දුම්රියයන් අවලංගු කිරීමකින් තොරව ධාවනයේ යෙදවීමට කටයුතු යොදා ඇති බවයි දුම්රිය රියදුරු සංගමයේ සභාපති ජේ. ඒ. යූ...

මහ රෑ ගිනි ගත් වතු නිවාස

මස්කෙළිය පොලිස් වසමට අයත් මාඋස්සාකැලේ වත්තේ වතු නිවාස පෙලක ඊයේ (17) රාත්‍රි 11.30 පමණ හටගත් ගින්නකින් නිවාස 08ක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති බව මස්කෙළිය පොලිසිය පවසනවා. නිවාස 12 කින් සමන්විත එම නිවාස පේළියේ පැතිර යමින් තිබු ගින්‍න පාලනය කිරීමට...
statistics