මස්කෙළිය පොලිස් වසමට අයත් මාඋස්සාකැලේ වත්තේ වතු නිවාස පෙලක ඊයේ (17) රාත්‍රි 11.30 පමණ හටගත් ගින්නකින් නිවාස 08ක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති බව මස්කෙළිය පොලිසිය පවසනවා.

නිවාස 12 කින් සමන්විත එම නිවාස පේළියේ පැතිර යමින් තිබු ගින්‍න පාලනය කිරීමට වතු කමිකරුවන්,පොලිස් නිලධාරින් සහ මාඋස්‍සාකැලේ යුධ හමුදා කඳවුරේ භට පිරිස් සමත්ව තිබෙනවා.

ගින්නෙන් කිසිවෙකුටත් තුවාල සිදුවි නොමැති අතර,ගින්නෙන් විනාශ වු නිවාස වල පදිංචි කරුවන්ගේ පෞද්ගලික බඩුබාහිරාදිය සමිපූර්ණයෙන්ම විනාශ වි ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ගින්නෙන් සිදුවු අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති බව මස්කෙළිය පොලිසිය පවසනවා.

මේ අතර, මෙම ගින්න විදුලි කාන්දුවකින් සිදුවන්නට ඇති බවටයි වැඩිදුර පරීක්ෂණ පවත්වන මස්කෙළිය පොලිසිය සැක පළ කරන්නේ.

ගි⁣න්නේ අවතැන් වු පවුල් අටකට අයත් සමාජිකයන් 21 දෙනෙකු ආරක්‍ෂිත ස්ථානයක තාවකාලිකව නතර කිරිමට එම වතුයායේ පාලන අධිකාරිය පියවර ගෙන ඇති බවද සඳහන්.

source :- https://tinyurl.com/ypy6xhjj

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here