මිල්ලනිය, හල්තොට ඇල ඉවුර ප්‍රදේශයේ දී ඊයේ (18) පස්වරුවේ නාඳුනන මෘත ශරීරයක් තිබී සොයා ගැනීමට සමත්ව තිබෙනවා.

එහිදී මිල්ලනිය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත මෙම මෘත ශරීරය සොයා ගැනීමට සමත්ව ඇති අතර, මෘත ශරීරයේ ඉන ප්‍රදේශයෙන් ඉහළ කොටස පමණක් ඇති බවත්, එම කොටසේ මස් දියවී අස්ථි කොටස් පමණක් ඉතිරිව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එමෙන්ම, කිරි ඇල්ල, කුරු ගම්මෝදර ප්‍රදේශයේ දී ඊයේ පෙරවරුවේ කළු ගඟේ පාවෙමින් තිබියදී නාඳුනන මෘත ශරීරයක් සොයා ගැනීමටද කිරි ඇල්ල පොලිසිය සමත්ව තිබෙනවා.

එම මෘත දේහයේද හිස කොටස නොමැති බවත්, ශරීරයේ මස් දියවී අස්ථි කොටස් පමණක් ඉතිරිව පවතින බවයි පොලිසිය සඳහන් කළේ.

එමෙන්ම, මෘත දේහය සොයාගන්නා අවස්ථාව වන විට ඔහු ලා නිල් පැහැති දිග කලිසමක් හැඳ සිටි බවත් පොලිසිය පවසනවා.

තවද, ඊයේ දිනයේම උදෑසන මඩකලපුව, සින්න උප්පොඩි කලපුවේ තිබී අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති සිහින් සිරුරකින් හෙබි වයස අවුරුදු 60-70 පමණ වන කාන්තාවගේ මෘත දේහයක් සොයා ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, දේහය සොයාගන්නා අවස්ථාව වන විට සුදු හා කොළ පැහැ මිශ්‍ර ගවුමක් හැඳ සිටි බවයි.

source :- https://tinyurl.com/yknxvx26

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here