අධික වර්ෂාපතනය හේතුවෙන් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සඳහා සුළු ගංවතුර තත්ත්වයක් සම්බන්ධව අනතුරු ඇඟවීමේ නිවේදනයක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අම්පාර දිස්ත්‍රික්කයේ මහ ඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට සහ මඩකලපුව දිස්ත්‍රික්කයේ එරාවුර්පත්තු හා කොරලෙයිපත්තු යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් මුන්දෙනි ද්‍රෝනිය ආශ්‍රිත පහත් බිම් සඳහා ඉදිරි පැය 24 දක්වා කාලය තුළ සුළු ගංවතුර තත්ත්වයක් පැවතීමේ අවදානමක් ඇති බව‍යි එම නිවේදනයේ සඳහන් වන්නේ.

තවද, අම්පාර දිස්ත්‍රික්කයේ මාදුරු ඔය ආශ්‍රිත ප්‍රදේශ සඳහාත්, මල්වතු ඔය ආශ්‍රිත ප්‍රදේශ සහ යාන් ඔය ආශ්‍රිත ප්‍රදේශත් සඳහා මෙම අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

එමෙන්ම මහවැලි ගඟ ආශ්‍රිතව මනම්පිටිය ප්‍රදේශයටත් ගංවතුර ඇති වීමේ අවදානමක් පිළිබඳව වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

source :- https://tinyurl.com/327mc7m4

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here