අත්අඩංගුවට ගත් දකුණු කොරියානු හිටපු ජනාධිපති යූන් සුක් යෙයොල්ගේ රැඳවුම් කාලය දීර්ඝ කිරීමට එරෙහිව ඔහුගේ ආධාරකරුවන් අධිකරණය ඉදිරිපිට විරෝධතා පවත්වා තිබෙනවා.

විදෙස් වාර්තා සදහන් කළේ, විරෝධතාවය අතරතුර ජනාධිපතිවරයාගේ අධාරකරුවන් අධිකරණ ගොඩනැගිල්ලට කඩා වැදී එහි දේපළවලට ද හානි සිදු කර ඇති බවයි.

පසුගිය 15 වනදා ජනාධිපතිවරයා අත්අඩංගුවට ගත් අතර යුද නීතිය ක්‍රියාත්මක කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් මතුවූ විරෝධය හමුවේ ඔහුට සිය ධූරය අහිමි වුණා.

source :- https://tinyurl.com/wrsepft2

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here