මෙම වසරේ ලොව ඉහළම සංචාරක ස්ථාන ශ්‍රේණිගත කරමින් ලෝක ප්‍රකට බීබීසී පුවත් සේවය මගින් දක්වා ඇති ශ්‍රේණිගත කිරීම් වල පළමු ස්ථාන 10 අතරට ශ්‍රී ලංකාව ද එක්ව සිටිනවා.

එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය, තිරසාර සංචාරක ජාත්‍යන්තරය සහ තවත් සංචාරක බලධාරීන් සමග සාකච්ඡා කරමිනුයි අදාළ ශ්‍රේණිගත කිරීම සකස් කර ඇත්තේ.

ඒ අනුව එම ලැයිස්තුවේ 9 වන ස්ථානය හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා.

ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ මුල් තැනට ඩොමිනික් ජනරජය නම් කර ඇති අතර දෙවන තැනට නම් කර ඇත්තේ, ජපානයේ නවෝෂිමා දූපතයි. තුන්වන තැන ඉතාලියේ ඩොලමයිට් කදුකරය නම් කර තිබෙනවා.

ලොව ඉහළම සංචාරක ස්ථාන 25ක් අදාළ ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවට අයත්.

source :- https://tinyurl.com/4d87mw3y

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here