අඛණ්ඩ සැපයුමක් සදහා අවශ්‍ය ඖෂධවල නිෂ්පාදන ධාරිතාවය වර්ධනය කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, රාජ්‍ය ඖෂධ සංස්ථාවට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ රත්මලාන පිහිටි ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ වැඩසටහනකට ඊයේ එක්වෙමින්.

සැපයුම්කරුවන් ලියාපදිංචි නොවීම හේතුවෙන් මේ වන විට ඖෂධ සීමිත ප්‍රමාණයක යම් හිඟතාවයක් පවතින බව පෙන්වා දුන් අමාත්‍යවරයා එහිදි ප්‍රකාශ කළේ, ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය වන අමුද්‍රව්‍ය කඩිනමින් මෙරටට ගෙන්වීම මෙන්ම ඒ ආශ්‍රිතව හඳුනාගත් දුර්වලතා සහ අඩුපාඩු නිවැරදි කරගනිමින් නිෂ්පාදන ධාරිතාවය කඩිනමින් ඉහළ දැමීම සදහා සැලසුම් සකස් වියයුතු බවයි.

source :- https://tinyurl.com/5asn5kad

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here