ඊශ්‍රායලය සහ හමාස් සටන් විරාමය ක්‍රියාත්මක වීමෙන් පසු ගාසාහි මානුෂීය සහන ප්‍රදේශයට ආධාර සහිත ට්‍රක් රථ පැමිණෙමින් පවතින බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන පවසනවා.

මේ වන විට ආහාර සහිත ට්‍රක් රථ 4,000 ක ප්‍රමාණයක් පැමිණෙමින් ඇති බවත් එය මාස තුනක් සඳහා මිලියනයකට අධික ජනතාවකට පෝෂණය කිරීමට ප්‍රමාණවත් බවත් එම වැඩසටහන පෙන්වා දුන්නා.

පසුගිය කාලයේ ආධාර සහිත ට්‍රක් රථවලට එල්ල වූ ප්‍රහාර හමුවේ මානුෂීය ආධාර මෙහෙයුම්වලට බාධා එල්ල වී තිබුණා.

source :- https://tinyurl.com/vd9z647n

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here