Monday, April 20, 2026

විදේශීය පුවත්

දකුණු කොරියාවේ ශෝක කාලයක්

දකුණු කොරියාවේ මුආන් ජාත්‍යන්තර ගුවන්තොටුපළට, ගුවන් යානයක් ගොඩබෑමේදී සිදුවූ අනතුරින් මියගිය සංඛ්‍යාව 179 දක්වා ඉහල ගොස් තිබෙනවා. අනතුර වන අවස්ථාවේදී එහි කාර්ය මණ්ඩලය සමග 181 දෙනෙකු ගමන් කර ඇති අතර ඉන් දිවි ගලවා ගැනීමට හැකි වී ඇත්තේ දෙදෙනෙකුට පමණයි. මෙම අනතුර...

ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධනය කරන ලෙස කොරියානු ජනපති ඉල්ලයි

උතුරු කොරියාවේ ජනාධිපති කිම් ජොන්ග් උන් එරට ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධනය කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා තිබෙනවා. ඔහු එම ඉල්ලීම කරන ඇත්තේ, සබ්මැරීන් කඳවුරක් ක්‍රියාත්මක කරන වෙරළබඩ නගරයේ ඉදිකරන ලද ගොවිපළක සමාරම්භක උත්සවයකට සහභාගීවෙමින්. එහිදී මොහු බැලස්ටික් මිසයිල ද අත්හදා බලා ඇති බව...

හිටපු ජනපති ජිමී කාටර් අභාවප්‍රාප්ත වෙයි

එක්සත් ජනපදයේ 39වන ජනාධිපති ජිමී කාටර් ඊයේ (29) මියගොස් තිබෙනවා. මියයන විට ඔහු 100වැනි වියෙහි පසුවිය. ජෝර්ජියාවේ ප්ලේන්ස් හි පිහිටි ඔහුගේ නිවසේදී ඔහු මියගොස් ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. අමෙරිකාවේ ඩිමොක්‍රටික් පාක්ෂිකයෙකු වන කාටර් 1977 වසරේ සිට 1981 වසර දක්වා එරට...

ඇෆ්ගනිස්ථානයෙන් පාකිස්ථාන ගුවන් ප්‍රහාර ගැන නිවේදනයක්

ඉකුත් දා නැගෙනහිර ඇෆ්ගනිස්ථානයට පාකිස්ථානය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයන් 46 දෙනෙකු මිය ගිය අතර මිය ගිය පිරිස අතර සිටින බොහෝදෙනෙකු කාන්තාවන් සහ ළමුන් බව තලේබාන් රජය පවසනවා. තලේබාන් රජයේ නිලධාරියෙක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, මෙම ප්‍රහාර හේතුවෙන්...

පස්වැනි විශාලතම ලොතරැයිය දිනුම් අදියි

මෙගා මිලියන් ලොතරැයි ඉතිහාසයේ පස්වැනි විශාලතම ලොතරැයිය පසුගියදා දිනුම් ඇද තිබුණා. ඒ අනුව උතුරු කැලිෆෝනියාවේ අලෙවි වූ ලොතරැයි ටිකට් පතක් එහි ඇස්තමේන්තුගත ඩොලර් බිලියන 1.22ක ජයමල්ල හිමි කර ගැනීමට සමත්ව තිබෙනවා. එය එහි ලොතරැයි ඉතිහාසයේ පස්වන විශාලතම ත්‍යාගය බවයි ටිකට් පත...

බ්‍රිතාන්‍යයේ ගුවන් ගමන්වලට අධික මීදුමෙන් බාධා

බ්‍රිතාන්‍යයේ හීත්‍රෝ සහ ගැට්වික් යන ප්‍රදේශවල පවතින අධික මීදුම් සහිත තත්ත්වය හේතුවෙන් එහි ගුවන් තොටුපොලවල ගුවන් ගමන් විශාල සංඛ්‍යාවක් අවලංගු කර හෝ ප්‍රමාද කර තිබෙනවා. මේ වන විට ගුවන් ගමන් 20කට අධික සංඛ්‍යාවක් අවලංගු කර ඇති අතර 29ක් පමණ ප්‍රමාද...

බෝම්බ ප්‍රහාරයකින් ඉරානයේ පොලිස් බුද්ධි අංශ ප්‍රධානියා මරුට

ඉරානයේ බන්දාර් ලෙන්ගේ හීදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඉරානයේ පොලිස් බුද්ධි අංශ ප්‍රධානියා මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ගල්ෆ් වරාය නගරයේ පොලිස් මූලස්ථානය පිටතදී නාඳුනන බෝම්බකරුවෙකු විසින් මෙලෙස මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි. ප්‍රහාරයෙන් බෝම්බකරු ද මිය...

ගුවන් අනතුරින් මියගිය සංඛ්‍යාව 62 දක්වා ඉහළට

දකුණු කොරියාවේ මුආන් ජාත්‍යන්තර ගුවන්තොටුපළට, ගුවන් යානයක් ගොඩබෑමේදී ධාවන පථයෙන් ඉවතට ගොස් අනතුරට ලක් වුණා. මෙම අනතුරින් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 62 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජේජු ගුවන් සේවයට අයත් යානය අනතුරට ලක් වන අවස්ථාව වන විට මෙම ගුවන් යානයේ මගීන්...

පුටින්, අසර්බයිජානු ජනාධිපති ඉල්හාම් අලියෙව්ගෙන් සමාව අයදියි

රුසියානු ජනාධිපති වැලැදිමීර් පුටින්, අසර්බයිජානු ජනාධිපති ඉල්හාම් අලියෙව්ගෙන් සමාව ඉල්ලා තිබෙනවා. ඒ පසුගිය 25 වනදා 38 දෙනෙකුට මරු කැඳවමින් රුසියානු සීමාවේ දී කඩා වැටුණු අසර්බයිජානු ගුවන් සේවයට අයත් යානය සම්බන්ධයෙන් රුසියාවට එල්ල කර ඇති චෝදනාවට පිළිතුරු වශයෙනුයි. යානය කැස්බියන් මුහුද හරහා...

මන්මෝහන් සිංගේ අවසන් කටයුතු අද

ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිංගේ අවසන් කටයුතු අද පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදුකිරීමට නියමිතයි. ඒ නවදිල්ලියේ මහජන ආදාහන භූමියක් වන නිගම්බෝද් ගාට්හිදීයි. ආචාර්ය මන් මෝහන් සිංට ගෞරව දැක්වීමක් ලෙස රට පුරා දින හතක රාජ්‍ය ශෝක කාලයක් ඊයේ දිනයේ ප්‍රකාශයට පත්...
statistics