
රුසියානු ජනාධිපති වැලැදිමීර් පුටින්, අසර්බයිජානු ජනාධිපති ඉල්හාම් අලියෙව්ගෙන් සමාව ඉල්ලා තිබෙනවා.
ඒ පසුගිය 25 වනදා 38 දෙනෙකුට මරු කැඳවමින් රුසියානු සීමාවේ දී කඩා වැටුණු අසර්බයිජානු ගුවන් සේවයට අයත් යානය සම්බන්ධයෙන් රුසියාවට එල්ල කර ඇති චෝදනාවට පිළිතුරු වශයෙනුයි.
යානය කැස්බියන් මුහුද හරහා කසකස්ථානයට හරවා යැවීමට පෙර ගොඩබෑමට උත්සාහ කිරීමේ දී රුසියානු ගුවන් ආරක්ෂක පද්ධතියක් විසින් බිඳහෙලූ බව මීට පෙර ප්‍රකාශ කෙරුණා.

ක්‍රෙම්ලිනය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ අසර්බයිජානු ජනපති සමග පුටින්, දුරකතන සංවාදයක නිරත වෙමින් මෙම සිදු වීමට සමාව ඉල්ලා ඇති අතර විපතට ලක් වූවන්ගේ පවුල් සදහා සිය ශෝකය පළ කර තිබෙන බවයි.
මේ සම්බන්ධයෙන් රුසියාව විසින්ද විමර්ශනයක් ආරම්භ කර ඇති තිබෙනවා.
කෙසේ වෙතත් පුටින්ගේ මෙම ප්‍රකාශයට පෙර අසර්බයිජානය විසින් රුසියාව බලා යන ගුවන් වාර කිහිපයක්ම අත්හිටුවා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කළේ.
source :- https://tinyurl.com/2t52nsun








