
එක්සත් ජනපදයේ 39වන ජනාධිපති ජිමී කාටර් ඊයේ (29) මියගොස් තිබෙනවා.
මියයන විට ඔහු 100වැනි වියෙහි පසුවිය.
ජෝර්ජියාවේ ප්ලේන්ස් හි පිහිටි ඔහුගේ නිවසේදී ඔහු මියගොස් ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ.

අමෙරිකාවේ ඩිමොක්රටික් පාක්ෂිකයෙකු වන කාටර් 1977 වසරේ සිට 1981 වසර දක්වා එරට ජනාධිපති ධුරය හොබවා ඇති අතර ඔහු නොබෙල් සාම ත්‍යාගලාභියෙක් ද වනවා.
2018 වසරේදී ජෝර්ජ් එච්.ඩබ්ලිව්. බුෂ් මියයාමත් සමග ජිමී කාටර් එක්සත් ජනපදයේ ජීවත්ව සිටි වයස්ගතම ජනාධිපතිවරයා වූවා.
කෙසේ වෙතත් හිටපු ජනපති ජීමී කාටර්ගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය වොෂින්ටන් ඩීසී හි පැවැත්වෙන බවයි අමෙරිකානු ජනපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කළේ.
source :- https://tinyurl.com/5n7j29a7








