Wednesday, April 29, 2026

දේශීය පුවත්

පාස්කු ප්‍රහාරයේ වන්දි ගෙවා අවසන් බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන අය පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් වලට අදාලව ගෙවීමට නියම වූ සම්පූර්ණ වන්දි මුදල් ගෙවා අවසන් කර ඇති බව ඔවුන්ගේ නීතිඥවරු අද...

අධාපනය සඳහා වැඩි ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කරයි

අධාපනය සඳහා වැඩි ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කිරීමට රජය තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසීය. අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දුන්නේ, අධ්‍යාපන අමාත්‍යාංශය සහ විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ජනතාව තුළ ඇතිවී තිබෙන අවිශ්වාසය නැතිකිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට නිලධාරින්ට උපදෙස්...

අධිකරණයේ පෙනී සිටින්නැයි කබ්රාල්ට නියෝග

ග්‍රීක බැදුම්කර නඩුවට අදාළව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුලු පස්දෙනෙකුට ලබන මස 10 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඊයේ (26) නියෝග කළා. අල්ලස් කොමිසම මෙම නඩුව පවරා ඇත්තේ දැඩි ආර්ථීක අර්බුදයකට ලක්ව...

ප්‍රතිපත්ති පොලී අනුපාත තවදුරටත් වෙනස් නොවේ

ප්‍රතිපත්ති පොලී අනුපාත තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට මහබැංකු තීරණය කර තිබෙනවා. ඊයේ (26) රැස්වූ මුදල් මණ්ඩලය තීරණය කරනු ලැබුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය තවදුරටත් සියයට 8.25 ක මට්ටමේ තබාගැනීමටයි. එසේම නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 9.25ක මට්ටමේම පවතිනු ඇති. source :- https://tinyurl.com/mr25ecr7

හෙට ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවකුත්

වසර දෙකකට පසු, සිදු කෙරෙන නඩත්තු හා මෙහෙයුම් කටයුතු හේතුවෙන් පොල්ගොල්ල ජලාශය අද මධ්‍යම රාත්‍රියේ හිස් කිරීමට නියමිතව තිබෙනවා. එහි ජලය, මහවැලි ගඟට මුදාහැරෙන අතර, මසුන් ඇල්ලීමට මෙන්ම ක්‍රීඩා කිරීමට ජලාශයට සහ ගංඟාවට බැසීමෙන් වළකින ලෙසයි මහවැලි අධිකාරියේ ප්‍රධාන වේලි...

අද දිනයෙත් දිවයින පුරා වැසි වැඩීවීමක්

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද (27)  දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර...

දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ 65 වැනි ගුණ සැමරුම

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ, හිටපු අග්‍රාමාත්‍ය දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ 65 වැනි ගුණ සමරුව අද පෙරවරුවේ හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසළදී පැවැත්වුණා. මීට සමගාමීව ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වන දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායකගේ 24 වැනි ගුණ සමරුව සහ හිටපු කථානායක දිවංගත අනුර බණ්ඩාරනායකගේ...

හෙට පළාත් රැසකට තද වැසි

උතුර , උතුරු මැද, නැගෙනහිර සහ මධ්‍යම පළාත් වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ට වැඩි තද වැසි හෙට දිනයේ ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම, බස්නාහිර සහ සබරගමුව පළාත් වල මෙන්ම, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් උදෑසන...

ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් ඉල්ලා අස්වෙයි

ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් ඉල්ලා අස් වී තිබෙනවා. ලිපියක් මගින් ඔහු මෙම ඉල්ලා අස්වීම යොමුකර ඇති බවයි වාර්තා වෙන්නේ. දෙසැම්බර් 31වැනිදා දක්වා ගෑස් හිඟයකින් තොරව පවතින බවයි ඔහු වැඩිදුරටත් එහිදී සඳහන්කර සිටියේ. source :- https://tinyurl.com/2mx99t6k

දහතුනේ කණුව ආසන්නයේදී 07ක් රෝහලට යැවූ බිහිසුණු අනතුර

කටුවන - වලස්මුල්ල ප්‍රධාන මාර්ගයේ දහතුනේ කණුව ආසන්නයේදී අද (26) අලුයම බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. තේ කම්හලක් වෙත ප්‍රවාහනය කරමින් තිබූ කැබ් රථ‍යක් මෙසේ අනතුරට පත්ව ඇත්තේ අද අලුයම 3.30ට පමණ බවයි පොලිසිය පවසන්නේ. අනතුර සිදුවන අවස්ථාවේ රථයේ 12 දෙනෙකු ගමන්...
statistics