
ග්රීක බැදුම්කර නඩුවට අදාළව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුලු පස්දෙනෙකුට ලබන මස 10 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඊයේ (26) නියෝග කළා.
අල්ලස් කොමිසම මෙම නඩුව පවරා ඇත්තේ දැඩි ආර්ථීක අර්බුදයකට ලක්ව සිටියදී ග්රීක රජය නිකුත් කළ භාණ්ඩාගාර බැදුම්කර මිලදී ගැනීමට ගොස් රුපියල් කෝටි 184ක පාඩුවක් රජයට සිදුකළේ යැයි චෝදනා කරමින්.
මීට පෙර මෙම ගණුදෙනුවට අදාළව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර නඩු පැවරූ අතර, කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරයා අධිචෝදනා පත්ර අත්සන් තැබූ දින වකවානු සම්බන්ධයෙන් මතුවූ තාක්ෂණික දෝෂයක් මත විත්තිකරුවන් නිදහස් කරනු ලැබුවා.

source :- https://tinyurl.com/snkhyb2j







