අධාපනය සඳහා වැඩි ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කිරීමට රජය තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසීය.

අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දුන්නේ, අධ්‍යාපන අමාත්‍යාංශය සහ විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ජනතාව තුළ ඇතිවී තිබෙන අවිශ්වාසය නැතිකිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට නිලධාරින්ට උපදෙස් දුන් බවය.

මෙතෙක් ප්‍රමාද වු සියලු විභාග ප්‍රතිඵල කඩිනමින් නිකුත්කරන ලෙසට විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට ද අග්‍රාමාත්‍යවරිය උපදෙස් ලබාදී තිබේ.

මේ අතර අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය නිවේදනය කළේ, පාසල් උත්සව සඳහා දේශපාලනඥයින් ගෙන්වීම වහාම නතර කරන ලෙසටද මෙහිදී උපදෙස් දී ඇති බවය.

source :- https://tinyurl.com/kj5ym3mb

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here