
උතුර , උතුරු මැද, නැගෙනහිර සහ මධ්‍යම පළාත් වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ට වැඩි තද වැසි හෙට දිනයේ ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම, බස්නාහිර සහ සබරගමුව පළාත් වල මෙන්ම, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේ වැසි ඇතිවිය හැකියි.
මේ අතර, දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ ගිඟුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලී තත්ත්වයක් හෙට සිට බලාපොරොත්තු විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියා.

source :- https://tinyurl.com/4f4vhrkn







