කටුවන – වලස්මුල්ල ප්‍රධාන මාර්ගයේ දහතුනේ කණුව ආසන්නයේදී අද (26) අලුයම බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.

තේ කම්හලක් වෙත ප්‍රවාහනය කරමින් තිබූ කැබ් රථ‍යක් මෙසේ අනතුරට පත්ව ඇත්තේ අද අලුයම 3.30ට පමණ බවයි පොලිසිය පවසන්නේ.

අනතුර සිදුවන අවස්ථාවේ රථයේ 12 දෙනෙකු ගමන් කර ඇති අතර ඉන් 07 දෙනෙකු කටුවන සහ ඇඹිලිපිටිය රෝහල්වෙත ඇතුළත්කර තිබෙනවා.

රියැදුරුට නින්ද යෑම නිසා රථය මාර්ගයෙන් ඉවතට පැන ඇති බවයි වාර්තා වෙන්නේ.

සිදුවීම සම්බන්ධයෙන් කටුවන පොලිසිය වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.

source :- https://tinyurl.com/a9bccaum

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here