දෙමාපියන්ට හොරෙන් තම පෙම්වතා මුණ ගැසීමට ගිය අවුරුදු 17ක පාසල් සිසුවියක් තවත් පුද්ගලයින් දෙදෙනෙක් අතින් අතවරයට ලක් වූ පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.

ඒ තෙබුවන පැලපිටියාගොඩ ප්‍රදේශයෙන්.

මෙම සිසුවිය මධ්‍යම රාත්‍රියේ දෙමාපියන්ට හොරෙන් සිය පෙම්වතා සමඟ යතුරුපැදියක නැගී පැලපිටියාගොඩ කිරිමඩුව ඉදිරියේ ගල් තලාවක කතා කරමින් සිට තිබෙනවා.

එහිදී තවත් පුද්ගලයින් දෙදෙනෙක් පැමිණ පෙම්වතාට පහර දෙද්දී ඔහු යතුරුපැදියද දමා එම ස්ථානයෙන් පලා ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

පෙම්වතියද එම ස්ථානයෙන් පලා යෑමට උත්සාහ කළ අවස්ථාවේදී ඇය වතුර වළකට වැටී තිබෙනවා.

අදාළ සැකකරුවන් එම ස්ථානයට පැමිණ මෙම සිසුවිය වතුර වලෙන් ගොඩට ගෙන ඇති අතර ඇය ඇය දූෂණය කර තිබෙනවා.

එම අවස්ථාවේ පලා ගිය පෙම්වතා එම ස්ථනායට පැමිණ ඇති අතර සැකකරුවන් සිසුවියගේ කට තදකරගෙන සිටි නිසා ඇයට කෑ ගැසීමට නොහැකි වූ බවයි පොලිසිය හමුවේ ඇය ප්‍රකාශකර සිටියේ.

ඇය නොදුටු පෙම්වතා බයික් එක රැගෙන එම ස්ථානයෙන් ගිය බවයි ඇය වැඩිදුරටත් සඳහන්කර සිටියේ.

තමාට අසනීප ගතියක් දැනීමෙන් පසු  පාසලේ ඉංශ්‍රීසි ගුරුවරියට මේ පිළිබඳව ප්‍රකාශ කළ බවයි අතවරයට පත් සිසුවිය වැඩිදුරටත් සඳහන්කර සිටියේ.

source :- https://tinyurl.com/yae8vppc

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here