
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ, හිටපු අග්‍රාමාත්‍ය දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ 65 වැනි ගුණ සමරුව අද පෙරවරුවේ හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසළදී පැවැත්වුණා.
මීට සමගාමීව ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වන දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායකගේ 24 වැනි ගුණ සමරුව සහ හිටපු කථානායක දිවංගත අනුර බණ්ඩාරනායකගේ 16 වැනි ගුණ සමරුව ද පැවැත්වුණේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ සුනේත්‍රා බණ්ඩාරනායකගේ ප්‍රධානත්වයෙන්.
මෙම අවස්ථාවට හිටපු කථානායක කරූ ජයසූරිය, හිටපු අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, මහාචාර්ය ජී.එල්. පීරිස්, සුසිල් ප්‍රෙම්ජයන්ත්, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, අනුර ප්‍රියදර්ශන යාපා, ලසන්ත අලගියවන්න සහ ජගත් පුෂ්පකුමාර ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.

එහිදී බණ්ඩාරනායක සමාධිය වෙත පුෂ්පෝපහාර දැක්වීම ද සිදු කෙරුණා.
මේ අතර හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ 65 වැනි ගුණ සමරුවට සමගාමීව තවත් පුෂ්පෝපහාර දැක්වීමේ වැඩසටහනක් කොළඹ ගාලු මුවදොර පිහිටි බණ්ඩාරනායක පිළිරුව ඉදිරිපිට දී පැවැත්වුණා.
ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර ඇතුලු පිරිසක් එක්වුණා.
source :- https://tinyurl.com/4u6djvn9







