Saturday, April 18, 2026

දේශීය පුවත්

රසායන ද්‍රව්‍යයක් පානය කළ පුද්ගලයෙකු මරුට

පානීය ජලය යැයි සිතා කැල්සියම් දිය කිරීමට ගන්නා රසායන ද්‍රව්‍ය බෝතලයකින් කොටසක් පානය කළ යාපනය තිරුණවේලී ප්‍රදේශයේ පුද්ගලයෙකු ඊයේ (17) මියගොස් තිබෙනවා. යාපනයේ තිරුණවේලී කලසාලෙයි ගම්මානයේ පදිංචිව සිටි රසන් මයිකල් නැමති 83 හැවිරිදි පුද්ගලයෙකුයි පානීය ජල බෝතලයක් යැයි සිතා එම...

වැසි රහිත කාලගුණ තත්ත්වයක්

ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවියහැකි අතර ඌව පළාතෙත් අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් පවසනවා. දිවයිනේ සෙසු...

වතු නිවාස සංවර්ධනය සදහා රුපියල් මිලියන 4,228ක්

වතු නිවාස සංවර්ධනය සදහා රුපියල් මිලියන 4,228 ක් මෙවර අයවැයෙන් වෙන් කර තිබෙනවා. එමෙන්ම, වතු කම්කරුවන් සදහා යෝජිත රුපියල් 1,700ක වැටුප ලබා දීම සදහා රජය මැදිහත් වන බවද අයවැය යෝජනාව ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා පවසා සිටියා. පුද්ගලික අංශයේ සේවකයින්ගේ දැනට පවතින රුපියල්...

හෙට උෂ්ණත්වය ඉහළට

පවතින උෂ්ණත්වය ඉදිරි පැය 24 තුළ 'අවධානය යොමු කළ යුතු මට්ටමට' ළඟාවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනූව උතුර, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වල මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ ද මේ තත්ත්වය අපේක්ෂා කරනවා. එබැවින් ඉහළ යන උෂ්ණත්වය පිළිබඳව අවධානයෙන් පසුවිය...

රාත්‍රී සාදයේ බීමෙන් තරුණයෙක් සහ තරුණියක රෝහලට

හෝටලයක පැවති සාදයක් අතරතුර හදිසි රෝගී තත්ත්වයක් නිසා තරුණයෙක් සහ තරුණියක අද (17) මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. වත්තේගම, පල්ලේ ගුන්නෑපාන ප්‍රදේශයේ හෝටලයක් තුළ තරුණ තරුණියන් පිරිසකගේ සහභාගිත්වයෙන් සාදයක් පවත්වා තිබෙන බවයි පොලිසිය පැවසුවේ. සතිඅන්තයේ පවත්වා ඇති සාදය අතරතුර රෝගී...

රාජ්‍ය සේවයේ අවම වැටුප රුපියල් 40,000 දක්වා ඉහළට

රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඒ අනුව, අවම මාසික මූලික වැටුප රුපියල් 24,250 සිට රුපියල් 40,000 දක්වා රුපියල් 15,750කින් වැඩි කිරීමට යෝජනා කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. අද (17) පාර්ලිමේන්තුවට අයවැය යෝජනා ඉදිරිපත් කරමිනුයි...

වාහන කොල්ලකෑමකට සැකකාරියක් අත්අඩංගුවට

පල්ලම පොලිස් වසමේදී පසුගිය 10 වැනිදා කාර් රථයක් කොල්ලකෑමේ අපරාධයක් සම්බන්ධයෙන් පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් විමර්ශන සිදුකර මෙම කොල්ලකෑමට සම්බන්ධ සැකකරුවෙකු හා සැකකාරියක් කොල්ලකන ලද කාර් රථය ද සමග 15 වැනිදා දඹදෙනිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන...

12 දෙනෙකු රෝහල් ගත කළ අනතුර

කන්දකැටිය බෝපිටිය මාර්ගයේ වැවේතැන්න ප්‍රදේශයේ දී අද (17) උදෑසන 6.10 පමණ මාර්ගයේ ගමන් ගත් පෞද්ගලික බස් රථයක් හා ඇගලුම් කම්හලක පිරිසක් ගමන් ගත් වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. සිදුවූ අනතුරකින් තුවාල ලැබූ වෑන්රථයේ ගමන් ගත් තරුණියන් 08 දෙනෙකු...

දරුවෙක් විදුලිසැර වැදීමෙන් ජීවිතක්ෂයට

විදුලිසැර වැදීමෙන් දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යාපනයේ වේලනෙයි, සෙට්ටිපුලම් ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 09ක දරුවෙක්. මෙම අනතුර සිදුවන අවස්ථාවේ දී නිවසේ කිසිවෙකු සිට නොමැති අතර ළමයා රූපවාහිනිය නැරඹීමට එය ක්‍රියාත්මක කිරීමට යාමේදී ඔහුට විදුලි සැර වැදී ඇති...

අදානි නැවත සාකච්ඡා ඇරඹීමට සූදානම්?

අදානි සමූහය මෙරට බලශක්ති ව්‍යාපෘතියෙන් ඉවත් වන බව නිවේදනය කර දින කිහිපයකට පසු එහි ඉහළ විධායක නිලධාරීන් ලබන සතියේ ශ්‍රී ලංකා රජය සමඟ සාකච්ඡා නැවත ආරම්භ කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වෙනවා. දෙපාර්ශ්වයම අන්‍යෝන්‍ය වශයෙන් එකඟ විය හැකි ඉදිරි මාවතක්...
statistics