පානීය ජලය යැයි සිතා කැල්සියම් දිය කිරීමට ගන්නා රසායන ද්‍රව්‍ය බෝතලයකින් කොටසක් පානය කළ යාපනය තිරුණවේලී ප්‍රදේශයේ පුද්ගලයෙකු ඊයේ (17) මියගොස් තිබෙනවා.

යාපනයේ තිරුණවේලී කලසාලෙයි ගම්මානයේ පදිංචිව සිටි රසන් මයිකල් නැමති 83 හැවිරිදි පුද්ගලයෙකුයි පානීය ජල බෝතලයක් යැයි සිතා එම රසායන ද්‍රව්‍ය බෝතලය පානය කර ඇත්තේ.

එම රසායන ද්‍රව්‍ය පානය කිරීමත් සමගම එම පුද්ගලයා දැඩි අපහසුතාවයකට පත්වීම නිසා වහාම ඔහුව රෝහල් ගත කර තිබෙනවා.

යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි ඔහු මෙසේ මියගොස් ඇත්තේ.

මියගිය පුද්ගලයා සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් යාපනය ශික්ෂණ රෝහලේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, නෙල්ලිඅඩි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

source :- https://tinyurl.com/35z98cpb

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here