විදුලිසැර වැදීමෙන් දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යාපනයේ වේලනෙයි, සෙට්ටිපුලම් ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 09ක දරුවෙක්.

මෙම අනතුර සිදුවන අවස්ථාවේ දී නිවසේ කිසිවෙකු සිට නොමැති අතර ළමයා රූපවාහිනිය නැරඹීමට එය ක්‍රියාත්මක කිරීමට යාමේදී ඔහුට විදුලි සැර වැදී ඇති බවයි වාර්තා වෙන්නේ.

දරුවාගේ වැඩිහිටියන් යළි නිවසට පැමිණ බලන විට ඔහු බිම වැටී දගලමින් සිට ඇති නිසා වහාම ඔහුව ප්‍රතිකාර සඳහා වේලනෙයි රෝහලට රැගෙන ගොස් ඇති අතර, රෝහලට ගෙන යන අතරතුර ළමයා මියගොස් තිබෙනවා.

මේ වනවිට සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යාපනය ශික්ෂණ රෝහලට යවා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කයිට්ස් පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

source :- https://tinyurl.com/yxk8pan2

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here