කන්දකැටිය බෝපිටිය මාර්ගයේ වැවේතැන්න ප්‍රදේශයේ දී අද (17) උදෑසන 6.10 පමණ මාර්ගයේ ගමන් ගත් පෞද්ගලික බස් රථයක් හා ඇගලුම් කම්හලක පිරිසක් ගමන් ගත් වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

සිදුවූ අනතුරකින් තුවාල ලැබූ වෑන්රථයේ ගමන් ගත් තරුණියන් 08 දෙනෙකු ඇතුලු 12 දෙනෙකු කන්දකැටිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කර ඇති අතර, ඉන් 07 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සදහා මහියංගණය මූලික රෝහල වෙත මාරුකර යවා ඇතැයි කන්දකැටිය පොලිසිය පවසනවා.

අනතුරින් තුවාල ලබා ඇත්තේ කන්දකැටිය, වැවේතැන්න, බෝපිටිය හා ඒ අවට ප්‍රාදේශවල පදිංචි කන්දකැටිය ප්‍රදේශයේ ඇගලුම් කම්හලක සේවය කරන පිරිසක්.

පටු මාර්ගයේ වංගු සහිත ප්‍රදේශයකදීයි වාහන දෙක ගැටීමෙන් අනතුර සිදුව තිබෙන්නේ.

අනතුරට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැති අතර, කන්දකැටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

source :- https://tinyurl.com/yt9n39tw

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here