
අදානි සමූහය මෙරට බලශක්ති ව්‍යාපෘතියෙන් ඉවත් වන බව නිවේදනය කර දින කිහිපයකට පසු එහි ඉහළ විධායක නිලධාරීන් ලබන සතියේ ශ්‍රී ලංකා රජය සමඟ සාකච්ඡා නැවත ආරම්භ කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වෙනවා.
දෙපාර්ශ්වයම අන්‍යෝන්‍ය වශයෙන් එකඟ විය හැකි ඉදිරි මාවතක් ගවේෂණය කිරීම සඳහා නව සාකච්ඡා පැවැත්වීමට අපේක්ෂා කෙරෙන බවයි වාර්තා වෙන්නේ.
ඇමෙරිකානු ඩොලර් බිලියන එකක ආයෝජනයක් වූ එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වත්මන් රජය විසින් නැවත වතාවක් සලකා බැලීම සඳහා කමිටු පත් කරනු ලැබීම හේතුවෙන් මෙලෙස ව්‍යාපෘතියෙන් ඉවත් වන බවයි අදානි සමාගම ඉවත්වීමේ ලිපියෙහි සඳහන්කර සිටියේ.

මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අනුමැතීන් බොහෝමයක් ලැබී තිබුණත් පරිසර නිෂ්කාශන වාර්තා ලැබීම ප්‍රමාද වෙමින් ඇති බවත්, මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් විභාගවෙමින් තිබීමත් හේතුවෙන් ඇතිවූ ප්‍රමාදයන් මත මෙලෙස ව්‍යාපෘතියෙන් ඉවත් වන බවත් අදානි සමාගම දැනුම් දී සිටියා.
මෙම යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය විසින් පත් කරන ලද කමිටු සමග සාකච්ඡා වට 14කට වැඩි සංඛ්‍යාවක් සිදුකර ඇති බවත්, එහිදී විදුලිය මිල දී ගැනීමේ ගිවිසුම්, තීරුබදු සහන සඳහා අනුමැතිය ලබා ගැනීම මෙන් ම බලපත්‍රය ලබා ගැනීම සම්බන්ධයෙන් වන සියලු කාරණා සම්පූර්ණ කළ බවත් අදානි ග්‍රීන් සමාගම සිය ලිපියෙන් වැඩිදුරටත් සඳහන්කර සිටියා.
source :- https://tinyurl.com/bdhjmw2r







