යළිත් පාස්පෝට් පෝලිම
බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුව අසළ යළිත් දිගු පෝලිම් නිර්මාණය වී තිබෙනවා.
පෝලිම්වල රැඳී සිටින ජනතාව චෝදනා කරන්නේ, වේලාවක් වෙන්කරගෙන පැමිණියත් නිසි පරිදි සේවා ලබා ගැනීමට නොහැකි බවයි.
පාස්පෝට් හිගය හේතුවෙන් බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුව අසල පැවැති දිගු පෝලිම් පසුගිය මාස කිහිපයේ...
දුර්ලභ දසුන් දැකගැනීමේ අවස්ථාවක්
ග්‍රහලෝක 06ක දුර්ලභ දසුන් මේ දිනවල නිරීක්ෂණය කිරීමට අවස්ථාව උදාවී තිබෙනවා.
කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරක විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න සඳහන් කළේ, බුධ, සිකුරු, අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු සහ යුරේනස් යන ග්‍රහලෝක එලෙස නිරීක්ෂණය කිරීමට...
ප්‍රතිඵල එද්දී මෙලොව හැර ගිය පුතු
මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට ප්‍රතිඵල ලැබීමට මාස එකහමාරකට පෙර අවාසනාවන්ත ලෙස ජීවිතයට සමුදුන් දරුවෙකු ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට ලෙස සමත්ව ඇති පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.
ඒ බලංගොඩ, වලේබොඩ, වතුකාරකන්ද ප්‍රදේශයෙන්.
ඔහු ලකුණු 159ක් ලබාගෙන ශිෂ්‍යත්ව විභාගය සමත් වුවත්...
දුම්බොන ගැහැනු වැඩිවෙලා
පිරිමි පාර්ශ්වයේ දුම්පානය කිරීමේ ප්‍රතිශතයට වඩා වර්තමානයේ කාන්තා පාර්ශ්වයේ දුම්පානය කිරීමේ ප්‍රතිශතය ඉහළ ගොස් ඇති බව, විශේෂඥ වෛද්‍ය සමන් ඉද්දගොඩ පවසනවා.
මේ හේතුවෙන් තරුණ කාන්තාවන් පෙණහලු පිළිකාවලට ගොදුරු වීමේ වැඩ ප්‍රවණතාවක් පවතින බවයි ඔහු සඳහන් කළේ.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති පුවත් සාකච්ඡාවකදීයි...
කළු අයියා නිවස ගිනිගෙන මරුට
කොස්ලන්ද පූනාගල මාර්ගයේ නිවසක් තුළ ඊයේ රාත්‍රියේ (26) හටගත් ගින්නකින් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ, 73 හැවිරිදි සයිමන් සිල්වා නොහොත් කළු අයියා නැමැති අයෙක්.
ඔහු කලකට පෙර අහංගම ප්‍රාදේශයේ සිට කොස්ලන්දට පැමිණ වෙළෙඳාම් කළ අයෙකු බවටයි ප්‍රදේශවාසීන් පවසන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් කොස්ලන්ද...
සුනඛයෙකු ගෙල සිර කල කාන්තාවක් අත්අඩංගුවට
මාන්කුලම් ප්‍රදේශයේදී සුනඛයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග ප්‍රකාශ කළේ, සමාජ මාධ්‍යයේ සංසරණය වූ කඹයක් ආධාරයෙන් සුනඛයෙකුගේ ගෙල සිර කර ඝාතනය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයට අදාළව මෙම...
ඉන්දියා ලුණු තොගය දිවයිනට
ඉන්දියාවෙන් ආනයනය කළ ලුණු මෙට්‍රික් ටොන් 1,485ක පළමු තොගය දිවයිනට ලැබී තිබෙන බව රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව සඳහන් කරනවා.
රට තුළ පවතින ලුණු හිඟයට පිළියමක් ලෙස ලුණු මෙට්‍රික් ටොන් 30,000ක් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය පසුගියදා අනුමැතිය ලබා දී තිබුණා.
ඒ අනුව...
තරුණයෙකු ඝාතනය කල තරුණිය
වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් වීරසේකරගම ප්‍රදේශයේ දී 19 හැවිරිදි තරුණියක් විසින් තියුණු ආයුධයකින් පහර දී තරුණයෙකු ඝාතනය කර තිබෙනවා.
මොවුන් දෙදෙනා නිත්‍යානුකූලව විවාහ වී නොමැති නමුත්, අඹු සැමියන් ලෙස එම ප්‍රදේශයේ නිවසක කුලී පදනම මතයි ජීවත් වී ඇත්තේ.
එලෙස සිටින...
අද ඇරඹෙන නව පාසල් වාරය
මේ වසරට අදාළ නව පාසල් වාරය අද ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
පළමු පාසල් වාරය අදියර තුනක් යටතේ ක්‍රියාත්මක අතර, එහි පළමු අදියර අවසන් වන්නේ මාර්තු මස 14 වැනිදායි.
පළමු පාසල් වාරයේ දෙවැනි අදියර අප්‍රේල් මස 01 සිට 11...
සිගරට් හාර ලක්ෂයකට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට
කොළඹ වරාය පරිශ්‍රයේ පිහිටි ගබඩාවක සිදු කරන ලද විශේෂ පරීක්ෂාවකදී මැන්චෙස්ටර් සන්නාමයේ සිගරට් 420,000 ක් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා රේගු ආදායම් කාර්ය සාධක බලකායට අනුයුක්ත නිලධාරීන්ට හැකි වී තිබෙනවා.
මෙම සිගරට් තොගය කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ගබඩා කර ඇති බැරල් 20 ක්...














