බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුව අසළ යළිත් දිගු පෝලිම් නිර්මාණය වී තිබෙනවා.

පෝලිම්වල රැඳී සිටින ජනතාව චෝදනා කරන්නේ, වේලාවක් වෙන්කරගෙන පැමිණියත් නිසි පරිදි සේවා ලබා ගැනීමට නොහැකි බවයි.

පාස්පෝට් හිගය හේතුවෙන් බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුව අසල පැවැති දිගු පෝලිම් පසුගිය මාස කිහිපයේ නතර වී තිබුණද මේ වනවිට යළිත් එම දෙපාර්තමේන්තුව අසල පෝලිම් නිර්මාණය වී තිබෙනවා.

එක්දින සේවය යටතේ විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණි ජනතාව ඊයේ පස්වරුවේ සිට පෝලිම්වල රැඳී සිටියා.

source :- https://tinyurl.com/2s3psauu

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here