
මේ වසරට අදාළ නව පාසල් වාරය අද ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
පළමු පාසල් වාරය අදියර තුනක් යටතේ ක්‍රියාත්මක අතර, එහි පළමු අදියර අවසන් වන්නේ මාර්තු මස 14 වැනිදායි.
පළමු පාසල් වාරයේ දෙවැනි අදියර අප්‍රේල් මස 01 සිට 11 වැනිදා දක්වාත්, එහි තෙවැනි අදියර අප්‍රේල් 21 වැනිදා සිට මැයි 09 වනදා දක්වාත් පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

මේ අතර, පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සදහා අභියාචනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව අද සිට ආරම්භ වනවා.
ඒ සදහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඉල්ලුම් කිරීමට හැකියාව පවතින බවයි විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේ.
පසුගිය වසරට අදාළව පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල පසුගිය බ්‍රහස්පතින්දා නිකුත් කෙරුණු අතර පෙබරවාරි මස 06 වැනිදා දක්වා ප්‍රතිඵල නැවත සමීක්ෂණයට ඉල්ලුම් කිරීමට අවස්ථාව පවතිනවා.
source :- https://tinyurl.com/3pxbnccu







