ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය මිලදී ගැනීම සදහා ටෙස්ලා සමාගමේ හිමිකරු වන එලෝන් මස්ක් විසින් ලංසු ඉදිරිපත් කර තිබෙනවා.

එරට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවකට අනුව පසුගිය දා ටික්ටොක් යෙදවුම තහනම් කිරීමට පියවර ගත්ත ද පසුව පත්වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම යෙදවුම තවත් දින 75ක් එරට තුල ක්‍රියාත්මක වීමට පසුගියදා ඉඩ සලසා තිබු පසුබිමකයි මෙම ලංසු ඉදිරිපත් කිරීම සිදුව ඇත්තේ.

නමුත් චීනය විසින් මෙම යෙදුම එලෝන් මස්ක්ට විකිණීම සම්බන්ධයෙන් තවමත් කරුණු සලකා බලමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එලොන් මස්ක්ට අමතරව “මිස්ටර් බීස්ට්” නමින් ප්‍රසිද්ධ ජිම් ඩොනල්සන් ද, ඔරකල් සමාගමේ සභාපති ලැරී එලිසන් ද ඒ සඳහා ලංසු ඉදිරිපත් කර තිබෙනවා.

source :- https://tinyurl.com/3atdz6d2

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here