
වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් වීරසේකරගම ප්‍රදේශයේ දී 19 හැවිරිදි තරුණියක් විසින් තියුණු ආයුධයකින් පහර දී තරුණයෙකු ඝාතනය කර තිබෙනවා.
මොවුන් දෙදෙනා නිත්‍යානුකූලව විවාහ වී නොමැති නමුත්, අඹු සැමියන් ලෙස එම ප්‍රදේශයේ නිවසක කුලී පදනම මතයි ජීවත් වී ඇත්තේ.
එලෙස සිටින අතර ඊයේ රාත්‍රී සිදු වූ බහින් බස් වීමක් දුරදිග ගොස් මෙම පහරදිම සිදු කර ඇති බවට මූලික විමර්ශන වලින් අනාවරණය වී තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 31ක විවාහක පුද්ගලයෙක්.
පහරදීම සිදු කළ තරුණිය හල්දුමුල්ල සොරගුනේ ප්‍රදේශයේ පදිංචි තැනැත්තියක්වන අතර, සැකකාර තරුණිය වැල්ලවාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම ප්‍රහාරයෙන් පසු තරුණයා වැල්ලවාය මුලික රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදීයි මිය ගොස් තිබෙන්නේ.
අත්අඩංගුවට ගත් තරුණිය වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.
source :- https://tinyurl.com/mryr3sd4







