පිරිමි පාර්ශ්වයේ දුම්පානය කිරීමේ ප්‍රතිශතයට වඩා වර්තමානයේ කාන්තා පාර්ශ්වයේ දුම්පානය කිරීමේ ප්‍රතිශතය ඉහළ ගොස් ඇති බව, විශේෂඥ වෛද්‍ය සමන් ඉද්දගොඩ පවසනවා.

මේ හේතුවෙන් තරුණ කාන්තාවන් පෙණහලු පිළිකාවලට ගොදුරු වීමේ වැඩ ප්‍රවණතාවක් පවතින බවයි ඔහු සඳහන් කළේ.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති පුවත් සාකච්ඡාවකදීයි ඔහු මේ බව සඳහන් කර තිබෙන්නේ.

එහිදී ඔහු මෙසේද පැවසුවා.

”මීට අවුරුදු දහයකට, පහළවකට කළින් ලංකාවේ අපි දුම් පානය කරපු ප්‍රමාණයට වඩා පිරිමි පුද්ගලයන් දුම් පානය කිරීමේ ප්‍රමාණය සහ ඒ පුද්ගලයන්ගේ සමීක්ෂණ වාර්තා බැලුවහම අඩු වෙමින් පවතිනවා. නමුත් සමීක්ෂණ වාර්තා අනුව අවාසනාවන්ත විදිහට කාන්තා පාර්ශවයේ දුම් පානය කිරීමේ ප්‍රතිශතය
වැඩිවෙමින් පවතිනවා. තරුණ කාන්තාවන් පෙනහළු පිළිකාවට අවධාන වීමේ වැඩි සම්භාවිතාවක් තියෙනවා. පොදුවේ ගත්තහම ලංකාවේ පෙනහළු පිළිකා කියන එක සුලබ තත්ත්වයක්. පිරිමි පුද්ගලයන්ගේ දෙවනියට පොදුවේ තියෙන වැඩිපුරම බහුල වෙලා යන පිළිකාව. කාන්තා පාර්ශව පෙනහළු පිළිකා පලවෙනි, පස්වෙනි පිළිකා තත්ත්වයට පත්වෙමින් පවතිනවා.”

source :- https://tinyurl.com/muxz2jxh

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here