රට ඉඳි සඳහා විශේෂ ගැසට් නිවේදනයක්
රටඉඳි මත පවතින විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අඩු කරමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ආනයනික රට ඉදි කිලෝග්‍රෑමයක් සඳහා පනවා ඇති රු. 200ක් වූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද මාර්තු 31 වනදා තෙක් රුපියලක් දක්වා අඩුකරමින් මෙම ගැසට්...
රතු කැකුළු සුදු කැකුළු මිශ්‍ර සහල් ජාවාරමක්
රතු කැකුළු සහල්වලට සුදු කැකුළු සහල් මිශ්‍ර කර අලෙවි කිරීමේ ජාවාරමක් ගැන තොරතුරු අනාවරණය වී ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරනවා.
වෙළෙඳපොළේ පවතින රතු කැකුළු සහල් හිඟය හේතුවෙන් ඇතැම් ව්‍යාපාරිකයින් මෙසේ කටයුතු කර ඇති බවටයි එම අධිකාරිය පවසන්නේ.
එසේම...
අත් බෝම්බයක් පුපුරා ගිය විහාරස්ථානය
බෙලිඅත්ත ප්‍රදේශයේ විහාරස්ථානයක අත් බෝම්බයක් පුපුරා ගොස් අනතුරක් සිදුව තිබෙනවා.
ට්‍රැක්ටරයක් මගින් පන්සල් ඉඩම සුද්ද කිරීමේදී ට්‍රැක්ටර් රෝදයට හසු වී මෙම අත්බෝම්බය පුපුරා ගොස් ඇති බවයි සඳහන් වෙන්නේ.
පසුව සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී එම ස්ථානයේ තිබි තවත් ජිව අත් බෝම්බ දෙකක් සොයාගෙන...
යෝධ ග්‍රාහකයක් අද පෘථිවියට
2025 BS4 නමින් හඳුන්වන දැවැන්ත ග්‍රාහකයක් අද (28) පෘථිවිය පසුකර යනු ඇති බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.
මෙය පැයට සැතපුම් 35,000ක වේගයෙන් ගමන් කරමින් පෘථිවිය පසුකර යන අතර එහි සමීපත්වය, සඳට ඇති දුර මෙන් දෙගුණයක් වුවත්, එය ගැටීමේ තර්ජනයක් ඇති...
සිසුන් සඳහා ශිෂ්‍යත්ව 200ක් ඉන්දියාවෙන් පිරිනමයි
ඉන්දියාව විසින් මෙරට සිසුන් සඳහා පූර්ණ අරමුදල් සහිත ශිෂ්‍යත්ව 200ක් ප්‍රධානය කිරීමට නියමිතව තිබෙනවා.
මෙම ශිෂ්‍යත්ව වෛද්‍ය, විලාසිතා නිර්මාණය සහ නීති පාඨමාලා හැර වෙනත් විෂයන් බොහෝමයක් සඳහා ඉන්දියානු ආයතන සහ විශ්ව විද්‍යාලවල අධ්‍යයන කටයුතු සඳහා පිරිනමනු ලබනවා.
මෙම ශිෂ්‍යත්ව 2025-2026 අධ්‍යයන වර්ෂ...
ආචාර්යවරුන් දේශන වර්ජනයක
යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමය අද සිට නැවත දැනුම්දෙනතුරු දේශන වර්ජනය කිරීමට තීරණය කර තිබෙනවා.
එම සංගමය නිවේදනය කළේ ඉල්ලීම් පහක් මුල්කර ගනිමින් සරසවියේ සියළුම පීඨවල ආචාර්යවරුන් දේශන වර්ජනයට එක්ව සිටින බවයි.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය ඊයේ රැස්වී මෙම තීරණය ගෙන තිබෙනවා.
යාපනය විශ්වවිද්‍යාලයේ...
වන අලි පහරදීම් වැඩි වෙයි
බකමුණ පොලිස් වසමේ ඇළහැර ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීම හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බව බකමුණ පොලිසිය පවසනවා.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 68ක් වූ ඔරු බැඳි සියඹලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකුවෙක්.
මරණකරුගේ ඉඩමට පැමිණි වන අලියෙකු පලවා හැරිමට යාමේදී මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්වී...
වැසි තත්ත්වයේ වැඩිවීමක්
අද සිට ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව, දකුණු සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි...
බහාලුම් දෙකක තිබූ කෝටි 20ක බඩු රේගු භාරයට
නීතිවිරෝධි ලෙස මෙරටට එවන ලද බහාලුම් දෙකක තිබී රුපියල් කෝටි 20කට ආසන්න වටිනාකමකින් යුත් භාණ්ඩ තොගයක් රේගු භාරයට ගෙන තිබෙනවා.
මිල අධික සුවද විලවුන්, චොකලට්, සපත්තු ඇතුලු භාණ්ඩ මෙලෙස අත්අඩංගුවට ගත් භාණ්ඩ අතරට ඇතුළත්.
ඩුබායි සහ මලයාසියාව යන රටවල සිට මෙම...
පොල් මිල 250ට යයි
වෙළෙඳපොළේ පොල් ගෙඩියක මිල ඉදිරියේදී රුපියල් 250ක් දක්වා ඉහළ යා හැකි බවට වෙළෙඳුන් පවසනවා. පසුගිය මාස කිහිපය පුරා මෙරට වෙළෙඳපොළේ පොල් සම්බන්ධයෙන් ගැටලු රැසක් මතු වූ අතර, වාර්ෂික පොල් අස්වැන්න සැලකිය යුතු අගයකින් පහළ වැටී ඇති බවටයි වාර්තා වුණේ.
පවතින...














