බකමුණ පොලිස් වසමේ ඇළහැර ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීම හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බව බකමුණ පොලිසිය පවසනවා.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 68ක් වූ ඔරු බැඳි සියඹලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකුවෙක්.

මරණකරුගේ ඉඩමට පැමිණි වන අලියෙකු පලවා හැරිමට යාමේදී මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්වී ඇති බවට දැනට සිදු කරන විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

මෘත ශරීරය බකමුන රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර බකමුණ පොලිස් ස්ථානය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

source :- https://tinyurl.com/5emva7tc

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here