බෙලිඅත්ත ප්‍රදේශයේ විහාරස්ථානයක අත් බෝම්බයක් පුපුරා ගොස් අනතුරක් සිදුව තිබෙනවා.

ට්‍රැක්ටරයක් මගින් පන්සල් ඉඩම සුද්ද කිරීමේදී ට්‍රැක්ටර් රෝදයට හසු වී මෙම අත්බෝම්බය පුපුරා ගොස් ඇති බවයි සඳහන් වෙන්නේ.

පසුව සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී එම ස්ථානයේ තිබි තවත් ජිව අත් බෝම්බ දෙකක් සොයාගෙන තිබෙනවා.

මෙම අත්බෝම්බ පැරණි ඒවා බවයි පොලිසිය සඳහන්කර සිටියේ.

මෙම අත්බෝම්බය පුපුරා යෑමෙන් කිසිවෙකුට හානියක් සිදුව නැති අතර විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිශ්ක්‍රිය අංශය පැමිණ සොයා ගත් බෝම්බ දෙක නිශ්ක්‍රීය කළ බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

source :- https://tinyurl.com/234jf3v2

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here