2025 BS4 නමින් හඳුන්වන දැවැන්ත ග්‍රාහකයක් අද (28) පෘථිවිය පසුකර යනු ඇති බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.

මෙය පැයට සැතපුම් 35,000ක වේගයෙන් ගමන් කරමින් පෘථිවිය පසුකර යන අතර එහි සමීපත්වය, සඳට ඇති දුර මෙන් දෙගුණයක් වුවත්, එය ගැටීමේ තර්ජනයක් ඇති නොකරන බවටයි තොරතුරු වාර්තා වෙන්නේ.

නමුදු අවදානම් තක්සේරු කිරීම සඳහා විද්‍යාඥයින් එවැනි පෘථිවියට ආසන්න වස්තූන් නිරීක්ෂණය කිරීම දිගටම කරගෙන යන බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

උණ්ඩයක වේගය මෙන් 10 ගුණයක විශ්මයජනක වේගයකින් මෙය ගමන් කරන බව සඳහන්.

පැයට සැතපුම් 35,000ක වේගයෙන් ගමන් කරන ග්‍රහකයේ බර රාත්තල් 970,000කට වඩා වැඩි බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

source :- https://tinyurl.com/2w6frsxd

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here