නීතිවිරෝධි ලෙස මෙරටට එවන ලද බහාලුම් දෙකක තිබී රුපියල් කෝටි 20කට ආසන්න වටිනාකමකින් යුත් භාණ්ඩ තොගයක් රේගු භාරයට ගෙන තිබෙනවා.

මිල අධික සුවද විලවුන්, චොකලට්, සපත්තු ඇතුලු භාණ්ඩ මෙලෙස අත්අඩංගුවට ගත් භාණ්ඩ අතරට ඇතුළත්.

ඩුබායි සහ මලයාසියාව යන රටවල සිට මෙම බහාලුම් මෙරටට එවා තිබුණා.

දිවයිනේ විවිධ ප්‍රදේශවල ලිපිනයන්ට මේවා එවා තිබූ නමුත් එම ලිපින සියල්ල පාහේ ව්‍යාජ ඒවා බවටයි අනාවරණ වී ඇත්තේ.

source :- https://tinyurl.com/3eh5xrnf

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here