වෙළෙඳපොළේ පොල් ගෙඩියක මිල ඉදිරියේදී රුපියල් 250ක් දක්වා ඉහළ යා හැකි බවට වෙළෙඳුන් පවසනවා. පසුගිය මාස කිහිපය පුරා මෙරට වෙළෙඳපොළේ පොල් සම්බන්ධයෙන් ගැටලු‍ රැසක් මතු වූ අතර, වාර්ෂික පොල් අස්වැන්න සැලකිය යුතු අගයකින් පහළ වැටී ඇති බවටයි වාර්තා වුණේ.

පවතින පොල් හිගයට පිළියම් ලෙස පොල් ගෙඩි මිලියන 200ක් ආනයනය කිරීමට ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය රජයෙන් අවසර ඉල්ලා තිබුණ ද තවමත් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගෙන නැහැ.

එවන් පසුබිමක මේ වනවිට ඇතැම් ප්‍රදේශවල පොල් ගෙඩියක් රුපියල් 250 ක මිලකට අලෙවි වන තත්ත්වයක් පවතිනවා.

මේ අතර, වෙළදපොලේ පවතින පොල්, සහල් ඇතුලු අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල හිගය හමුවේ සිය ආපනශාලා වසා දැමීමේ තත්ත්වයක් උදා වී ඇති බවට එම ආපනශාලා හිමියන් ප්‍රකාශ කළා.

source :- https://tinyurl.com/4x27th5c

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here