පියුමා ලබන 18 වනදා දක්වා යළි රිමාන්ඩ්
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සළිදු මල්ෂික නොහොත් කුඩු සළිදුගේ ප්‍රධානම ගෝලයා ලෙස සැලකෙන පියුම් හස්තික නොහොත් ”පියුමා ” ලබන 18 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ බන්ධනාගාර නිලධාරීන් විසින් කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි හමුවට සැකකරු ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
මේ...
මාස 8ට කෝටි 13ක් දඩ ගහලා
වසරේ ගතවූ මාස 08 තුළ දිවයින පුරා සිදුකළ වැටලීම්වලදී පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් රුපියල් කෝටි 13කට අධික දඩමුදල් නියම කර තිබෙනවා.
ඒ අනුව, වැටලීම් 16,530කට අධික ප්‍රමාණයකින් රුපියල් දහතුන්කෝටි හැටඑක්ලක්ෂ පනස්නවදහස් නවසිය අනූනවයක (136,159,999) දඩ මුදලක් මෙසේ නියම කර...
කෙහෙළියගේ පෙත්සමට අධිකරණය දුන් නියෝගය
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ගොනුකර ඇති පෙත්සමේ නියෝගය ප්‍රකාශ කිරීම අභියාචනාධිකරණය විසින් කල් තබා තිබේ.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන නඩු විභාගය අවසන් වන තෙක් තමාව රක්ෂිත බන්ධනාගාර ගත...
ටැටූ ශිල්පියෙකු 14 හැවිරිදි දියණියට කළ දේ..
පියාගේ සිරුරේ ටැටූ නිර්මාණයක් කිරීමට පැමිණි ටැටූ ශිල්පියෙකු වයස අවුරුදු 14ක දියණිය රැගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් බේරුවල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
බේරුවල බණ්ඩාරවත්තේ පදිංචි දැරියගේ පියා විසින් කරන ලද පැමිණිල්ල අනුව මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇති අතර දැරියගේ...
ධීවර යාත්‍රාවක් නෞකාවක ගැටී තවමත් තිදෙනෙක් අතුරුදන්
බහුදින ධීවර යාත්‍රාවක් නෞකාවක ගැටී අනතුරකට ලක්ව ධීවරයින් තිදෙනෙකු අතුරුදන්ව තිබේ.
ඊයේ (03) දින අලුයම් කාලයේ ලංකා මුහුදු තීරයට මුහුදු සැතපුම් 270ක් පමණ දුරින් මුහුදේ දී ධීවරයින් 07 දෙනෙකු ගමන් කළ ධීවර යාත්‍රාවක් නෞකාවක ගැටී පෙරළී ගොස් තිබේ.
එම ධීවර යාත්‍රාවේ...
2024 ලෝක තැපැල් දිනයට සමගාමීව ඔන්න වටිනා අවස්ථාවක්
2024 ලෝක තැපැල් දිනයට සමගාමීව පාසල් දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් මුද්දර ප්‍රදර්ශන තරඟාවලියක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.
මෙම මුද්දර ප්‍රදර්ශනය අධ්‍යාපන අමාත්‍යංශයේ අධිකරණය යටතේ පැවැත්වෙනවා. මෙය 5 වන වසර සිට 13 වන ශ්‍රේණිවල ඉගෙනුම ලබන දරු දැරියන්ට...
මනුෂ්‍ය ඝාතන සැකකරුවෙක් අත්අඩංගුවට
මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍ය කර සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීම වව්නියාව විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශය සමත්ව තිබේ.
පොලීසිය සඳහන් කළේ, පසුගිය 29 වනදා පුවරසන්කුලම් පොලිස් වසමේ පරණ කට්පගපුරම් ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සම්බන්ධයෙන් අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බවය.
ඊයේ...
ඩෙංගු ගැන රතු එළියක්
වර්තමානයේ පවතින තත්ත්වයට අනුව දෙසැම්බර් මාසය වන විට මෙරට ඩෙංගු රෝගින්ගේ වාර්තා වීම ඉහළ යා හැකි බවට අනුමාන කළ හැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවනවා.
එමෙන්ම රටපුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 29ක් ඩෙංගු අවදානම් කලාප වශයෙන්...
නඩුවලට පෙනී නොසිටි නීතීඥවරයාගේ කබාය ගලවයි
නඩු දෙකකට පෙනී සිටීම සඳහා හිමිනමකගෙන් රුපියල් ලක්ෂ 44කට අධික මුදලක් ලබාගෙන නිසි පරිදි පෙනී නොසිටීම තුළින් නීතිඥවරුන්ගේ ආචාර ධර්ම උල්ලංඝනය කර තිබෙන බව ප්‍රකාශ කළ ශ්‍රේෂ්ඨාධිකරණය නීතිඥවරයෙක්ගේ නීතීඥභාවය අහෝසි කිරීමට ඊයේ (03) නියෝග කර තිබෙනවා.
එමෙන්ම ඔහු විසින් රුපියල්...
වැටුප් වැඩි කිරීම සම්බන්දයෙන් පැෆ්රල් විරුද්ද වෙයි.
2024 ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම පැවැත්වීමට තිබියදී රාජ්‍ය නිලධාරීන්ට ලබන වසරේ ජනවාරි සිට වැටුප් වැඩි කිරීමට තුළින් එය මැතිවරණයට බලපෑමක් ලෙසට දැක්විය හැකි බව පැෆ්රල් සංවිධානය පවසනවා.
එම සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත...














