මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍ය කර සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීම වව්නියාව විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශය සමත්ව තිබේ.

පොලීසිය සඳහන් කළේ, පසුගිය 29 වනදා පුවරසන්කුලම් පොලිස් වසමේ පරණ කට්පගපුරම් ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සම්බන්ධයෙන් අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බවය.

ඊයේ (03) දහවල් මාන්කුලම් පොලිස් වසමේ මාන්කුලම් හන්දියේ දී සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 29ක් වූ වව්නියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පුවරසන්කුලම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

source :- https://shorturl.at/T4uN6

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here