2024 ලෝක තැපැල් දිනයට සමගාමීව පාසල් දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් මුද්දර ප්‍රදර්ශන තරඟාවලියක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම මුද්දර ප්‍රදර්ශනය අධ්‍යාපන අමාත්‍යංශයේ අධිකරණය යටතේ පැවැත්වෙනවා. මෙය 5 වන වසර සිට 13 වන ශ්‍රේණිවල ඉගෙනුම ලබන දරු දැරියන්ට මුද්දර ප්‍රදර්ශන ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවෙනවා.

මෙම ප්‍රදර්ශනයේ කොන්දේසි සහ අනෙකු විස්තර සඳහා දුරකතන අංක – 011 23 26 163 සහ විද්‍යුත් තැපැල් ලිපිනය stampex2024@gmail.com මඟින් ද www.slpost.gov.lk සහ www.stamps.gov.lk ඊමෙල් ලිපිනය මඟින් ද https://www.facebook.com/PhilatelicBureauSriLanka ෆේස්බුක් පිටුව මගින් ද තොරතුරු ලබා ගත හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

source :- https://shorturl.at/G2KkH

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here