බහුදින ධීවර යාත්‍රාවක් නෞකාවක ගැටී අනතුරකට ලක්ව ධීවරයින් තිදෙනෙකු අතුරුදන්ව තිබේ.

ඊයේ (03) දින අලුයම් කාලයේ ලංකා මුහුදු තීරයට මුහුදු සැතපුම් 270ක් පමණ දුරින් මුහුදේ දී ධීවරයින් 07 දෙනෙකු ගමන් කළ ධීවර යාත්‍රාවක් නෞකාවක ගැටී පෙරළී ගොස් තිබේ.

එම ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් 03 දෙනෙකු අතුරුදන්ව ඇති අතර ධීවරයින් 04 දෙනෙකු තවත් ධීවර යාත්‍රාවකින් බේරාගෙන තිබුණි.

අතුරුදන්ව ඇත්තේ 28, 43 සහ 52 හැවිරිදි වයස්වල පසුවන අහුංගල්ල හා කොස්ගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

අතුරුදන් වූ ධීවරයින් සොයා මේ වන විට මෙහෙයුම් දියත් කර ඇති අතර බේරාගත් ධීවරයින් ගොඩබිමට රැගෙන ඒමට කටයුතු සුදානම් කර ඇත.

ගාල්ල වරාය පොලීසිය සහ නාවික හමුදාව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරේ.

source :- https://shorturl.at/SJntx

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here