
මෙවර ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා මෙරටට පැමිණ සිටින යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයින් උතුරේ සංචාරයක නිරතව තිබෙනවා.
උතුරේ විවිධ ප්‍රදේශ වල දේශපාලන රැළි පැවැත්වෙන ස්ථාන වලට ගොස් ඔවුන් නිරීක්ෂණ සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
ඊට අමතරව ස්වෙච්ඡා සංවිධාන නියෝජිතයන් සහ දේශපාලන පක්ෂ වල ප්‍රාදේශීය නායකයන් ද මොවුන් හමුවී තිබෙනවා.

වව්නියාවේ පිහිටි මාධ්‍ය සංගම් ශාලාවේදී මාධ්‍යවේදීන් හමුවූ යුරෝපා මැතිවරණ නිරික්ෂකයන් කියා සිටියේ, උතුරු පළාත තුළ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවීම අවම මට්ටමක පවතින බවයි.
ජනාධිපතිවරණය නිදහස් හා සාධාරණව පැවැත්වීම පිණිස රාජ්‍ය නිලධාරින්ගේ හා විවිධ ආයතන වලින් විශාල සේවයක් ඉටුවන බවද ඔවුන් කියා සිටියා.
source :- https://shorturl.at/BhnYu








