වර්තමානයේ පවතින තත්ත්වයට අනුව දෙසැම්බර් මාසය වන විට මෙරට ඩෙංගු රෝගින්ගේ වාර්තා වීම ඉහළ යා හැකි බවට අනුමාන කළ හැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවනවා.

එමෙන්ම රටපුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 29ක් ඩෙංගු අවදානම් කලාප වශයෙන් හඳුනාගෙන තිබෙනවා.

දිස්ත්‍රික්ක 5ක පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 29ක් මෙසේ හඳුනාගෙන ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ.

වසරේ ගතවූ කාලය තුළදී ඩෙංගු රෝගීන් 36,642ක් මෙරටින් වාර්තා වී තිබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

මේ අතර වසරේ ගෙවුණු කාලය තුළ ඩෙංගු රෝගයෙන් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් ඇති බව එම ඒකකය වැඩිදුරටත් වාර්තා කරනවා.

source :- https://shorturl.at/XOx5n

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here