සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සළිදු මල්ෂික නොහොත් කුඩු සළිදුගේ ප්‍රධානම ගෝලයා ලෙස සැලකෙන පියුම් හස්තික නොහොත් ”‍පියුමා ”‍ ලබන 18 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ බන්ධනාගාර නිලධාරීන් විසින් කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි හමුවට සැකකරු ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මේ වසරේ පෙබරවාරි මස 15 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ඩුබායි රාජ්‍ය වෙත ගොස් පියුමා ගුවන් මගින් දිවයිනට රැගෙනවිත් රඳවා ප්‍රශ්න කිරීමෙන් අනතුරුවයි අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ.

source :- https://shorturl.at/NqF8q

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here