Tuesday, April 21, 2026

දේශපාලන පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් ජනාධිපතිගෙන් ඉල්ලූ දේ

චීන ව්‍යාපෘති සඳහා ගෙවීම් කරන අතරමැදියන් හෙළි කරන ලෙස දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලා සිටිනවා. ‘X’ හි සටහනක් තබමිනුයි මන්ත්‍රීවරයා මෙසේ ඉල්ලා ඇත්තේ. අනාගතයේදී ශ්‍රී ලංකා අතරමැදියන්ට ගෙවීමට සිදු නොවන බව චීන සංචාරයේදී...

ග්‍රීන්ලන්තය අමෙරිකාව සමග සමීපව කටයුතු කිරීමට සූදානම්

අමෙරිකාව සමග ආරක්ෂක සහ පතල් කැනීම් සම්බන්ධයෙන් සමීපව කටයුතු කිරීමට සූදානම් බව ලොව විශාලම දිවයින වන ග්‍රීන්ලන්තයේ අග්‍රාමාත්‍ය මියුට් එජ් ප්‍රකාශ කර තිබෙනවා. ඒ ඩෙන්මාර්කයේ ස්වයං පාලන ප්‍රදේශයක් වන ග්‍රීන්ලන්තය මිලදී ගැනීමට අදහස් කරන බව ඇමරිකානු නව ජනාධිපති ඩෙනල්ඩ් ට්‍රම්ප්...

ජනපති අද රාත්‍රියේදී චීන සංචාරය සඳහා පිටත් වෙයි

සිව්දින චීන රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක අද (13) රාත්‍රියේදී දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි. චීන ජනාධිපති ෂී ජින් පිංගේ (Xi Jinping) ආරාධනයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ජනවාරි 14 වන දා සිට 17 වන දා දක්වා මෙම සංචාරයෙහි නිරතවෙනවා. මෙම...

ජනපතිගේ චීන සංචාරය 14 වැනිදා

ජනාධිපති අනුර කුමාර දිසානායක, ලබන 14 වැනිදා සිට 17 වැනිදා දක්වා චීනයේ රාජ්‍ය සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළා. චීන ජනාධිපති ෂී ජින් පිංගේ ආරාධනයකට අනුව මෙම සංචාරය සිදු කෙරෙන අතර එහිදී දෙරටේ ජනාධිපතිවරු ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන්...

අග්‍රාමාත්‍යවරිය සහ ධූත මණ්ඩල ප්‍රධානීන් අතර හමුවක්

නව පත්වීම් ලද මෙරට ධූත මණ්ඩල ප්‍රධානීන් කිහිපදෙනෙකු ඊයේ අග්‍රාමාත්‍ය ආචාර්ය, හරිනි අමරසූරිය හමුවී තිබෙනවා. අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ, කටාර් රාජ්‍යයේ නව තානාපති ආර්. එස්. අසාඩ්, නවසීලන්තයේ නව මහ කොමසාරිස් ජී. එස් ප්‍රසන්න, රුසියාවේ නව තානාපති එස්. කේ. ගුණසේකර, කුවේට්...

නව චක්‍රලේඛය ගැන දයාසිරිගෙන් පැහැදිළි කිරීමක්

ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කරන ලද නව චක්‍රලේඛයේ සඳහන් වන්නේ කිසිදු අමාත්‍යවරයෙකුට, අමාත්‍යාංශ ලේකම්වරයෙකුට හෝ ආණ්ඩුකාරවරුන්ගේ ලේකම්වරයෙකුට විදේශ කටයුතු අමාත්‍යාංශයේ පූර්ව අනුමැතියකින් තොරව විදේශ තානාපතිවරුන් සමඟ රැස්වීම් පැවැත්විය නොහැකිය යන කරුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා. මන්ත්‍රීවරයා මේ පිළිබඳව...

චීනය සමග අවබෝධතා ගිවිසුමක්

චීන මාධ්‍ය සමූහය (China Media Group) සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබෙනවා. දෙපාර්ශ්වය අතර ඇති කර ගනු ලබන සහයෝගිතාව මත චීන මාධ්‍ය සමූහයේ අති නවීන තාක්ෂණය සහ විශේෂඥ දැනුම උපයෝගි කර ගනිමින් ශ්‍රී ලංකාව...

සුව සැරියේ වෙනස ගැන විපක්ෂ නායක සජිත්ගේ කණගාටුව

1990 සුව සැරිය පදනමේ නායකත්වය සහ අධ්‍යක්ෂ මණ්ඩලය වෙනස් කිරීමට රජය ගත් තීරණය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කණගාටුව පළ කර තිබෙනවා. එමෙන්ම ගිලන් රථ සේවාව පිටුපස සිටි කණ්ඩායම සේවයෙන් පහ කිරීම සම්බන්ධයෙනුත් තමන් කනගාටුවට පත්වන බව ඔහු '' පණිවිඩයක්...

අස්වැසුම නොමැති ඔබට දැන් රජයෙන් දීමනාවක්

අස්වැසුම ප්‍රතිලාභී නොවන පවුල්වල සියලුම දරුවන්ට රු. 6,000ක දීමනාව වවුචරයක් වශයෙන් ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. ඒ අනූව දෙමාපියන් අහිමි ළමුන්, මව හෝ පියා ආබාධිත පවුල්වල ළමුන්, ළමා නිවාසගත පාසල් වයසේ සිටින සියලුම ළමුන් සහ විශේෂ හේතු මත අසරණ...

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවන් 747ක් අත්අඩංගුවට

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය මගින් සිදුකරන ලද විමර්ශනයන් අනුව සැකකරුවන් 747ක් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා. අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ අද පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරය...
statistics