
1990 සුව සැරිය පදනමේ නායකත්වය සහ අධ්‍යක්ෂ මණ්ඩලය වෙනස් කිරීමට රජය ගත් තීරණය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කණගාටුව පළ කර තිබෙනවා.
එමෙන්ම ගිලන් රථ සේවාව පිටුපස සිටි කණ්ඩායම සේවයෙන් පහ කිරීම සම්බන්ධයෙනුත් තමන් කනගාටුවට පත්වන බව ඔහු ” පණිවිඩයක් තබමින් සඳහන් කර තිබෙනවා.
එහිදී ඔහු සඳහන් කර ඇත්තේ, “1990 සුව සැරිය ගිලන් රථ සේවාව පිටුපස සිටි කැපවූ කණ්ඩායම COVID-19 අර්බුදයේදී සහ ඉන් ඔබ්බට විශිෂ්ට ලෙස කටයුතු කළ කණ්ඩායමක්” බවයි.

එවැනි ඉහළ කාර්යසාධනයක් සහිත කණ්ඩායම් දුර්ලභ බවත් දේශපාලන වෙනස්කම් හේතුවෙන් නොසලකා හැරිය යුතු නොවන බවත් එම පණිවුඩයේ වැඩිදුරටත් සඳහන්.
1990 සුව සැරිය පදනමට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පසුගියදා නව සභාපතිවරයෙකු සහ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු පත් කිරීම හේතුවෙනුයි ඔහු මෙම අදහස් දක්වා ඇත්තේ.
source :- https://tinyurl.com/3z6zatkc









