නව පත්වීම් ලද මෙරට ධූත මණ්ඩල ප්‍රධානීන් කිහිපදෙනෙකු ඊයේ අග්‍රාමාත්‍ය ආචාර්ය, හරිනි අමරසූරිය හමුවී තිබෙනවා.

අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ, කටාර් රාජ්‍යයේ නව තානාපති ආර්. එස්. අසාඩ්, නවසීලන්තයේ නව මහ කොමසාරිස් ජී. එස් ප්‍රසන්න, රුසියාවේ නව තානාපති එස්. කේ. ගුණසේකර, කුවේට් නව තානාපති පී රත්නායක ඇතුලු පිරිසක් මෙලෙස අග්‍රාමාත්‍යවරිය හමුවී සාකච්ඡා සිදු කළ බවයි.

එහිදී දේශීය කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම, සංචාරක ව්‍යාපාරය සහ බහු පාර්ශවික සහයෝගීතාවය මෙන්ම ගෝලීය වෙළෙඳපොළ තුළ ශ්‍රී ලාංකීය නිෂ්පාදන සදහා නව අවස්ථාවන් ලබා ගැනීම පිළිබදව ද සාකච්ඡා වී තිබෙනවා.

source :-https://tinyurl.com/yt8wy6f7

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here